(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් රුහුණු කුමාරී දුම්රිය, ගාලු කුමාරය දුම්රිය ලෙස පස්වරු 2.30 ට මහ ලේකම් කාර්යාලයීය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.
මාතර සිට පැමිණී රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත් එම දුම්රිය සවස 2.30 ට ගාලූ කුමාරී දුම්රිය ලෙසින් මහ ලේකම් කාර්‍යාලය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය.

