( බන්ධුල ඉලේපෙරුම)
අයවැය විවාදය මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් පසු සාම්ප්‍රදායිකව සෑම වසරකදීම කථානායක නිල නිවසේදී සියලු මන්ත්‍රීවරුන් හා හිතවතුන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහය කොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මෙවැනි වකවානුවක නොපවත්වන්නේ නම් සුදුසු යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(10) පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.
එසේම මේ සඳහා වැයවන අධික වියදම කොවිඩ් 19 හේතුවෙන් අසරණ ව සිටින ජනයා වෙනුවෙන් සහන ලබාදීමට යොමු කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මේ පිළිබඳ සලකා බලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී සභාවට දන්වා සිටියේය.
අද සවස මෙම භෝජන සංග්‍රහය කථානායක නිල නිවසේදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති අතර 700කට අධික අමුත්තන් පිරිසකට මේ සඳහා ආරාධනා කර ඇත. අධික වියදමක් දරා සැරසිලි කටයුතු ආහාර පාන ආදිය සූදානම් කර ඇති අතර සෞඛ්‍ය අංශ මහජනයාට දන්වා ඇත්තේ මෙවැනි විශාල පිරිස් ඒකරාශීවල උත්සව සංවිධානය නොකරන ලෙසයි.

