රංජිත් රාජපක්ෂ
රටේ ඇති දේශපාලන පෙරළියත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පිරිසක් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එයට දමිළ ප්‍රගතශීලී සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු සහයෝගය ලබා නොදෙන බවත් දමිළ ප්‍රගතශීලී සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
ගනේෂන් මහතා ඒ බව පැවසුවේ වර්තමානයේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධව වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා අද (9) හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවති රැස්වීමක් අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා පැවසුවේ දමිළ ප්‍රගිතශීලී සන්ධානය ප්‍රතිපත්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටේ පිළිගත් ජනප්‍රිය දේශපාලන සන්ධානයක් බවයි.




