
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටෝනි කරුණානායක)
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙව්මිණි රෝහණ හැරල් ද සිල්වා හෙවත් "කුඩු රෝහා" නැමැත්තා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිසිය සමග අද (24)අලුයම ඇතිවූ වෙඩි හුවමාරුව දී මිය ගිය බව පොලිසිය සඳහන් කරයි.
කුඩු රෝහා නැමැත්තා ඉන්දියාවට පලා යාම සඳහා කොච්චිකඩේ ප්‍රදේශයේ වාඩියක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය එය වැටලීමට ගොස් තිබිණි. පොලිසියේ පැමිණීමත් සමගම ඔහු පලා යමින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, පොලිසිය ප්‍රති පහර එල්ල කිරීමේ දී මියගොස් ඇත.
එම ස්ථානයේ තිබී ටී 56 ගිනි අවි සහ පිස්තෝල ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත.

