’19 මරණ වරෙන්තුවක් ‘


සත්‍යග්‍රහ කරමින්  19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගතහොත් සිදු වන්නේ සිංහලේ මරණ වරෙන්තුව සම්මත කරගත්තා වගේ දෙයකියි ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසුහ.

මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පිරිසක් සත්‍යග්‍රහ පවත්වමින් මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට හදන්නේ කාගේ උවමනාවටදැයි උන් වහන්සේ ප්‍රශ්න කළහ.

‘ජාති ද්‍රෝහී,දේශ ද්‍රෝහී මෙම ව්‍යවස්ථාව වහා නතර කළ යුතුයි.ඒ සඳහා පාර්ලිමේන්තුවේ  කිසිදු මන්ත්‍රීවරයකු අත නොඑසවිය යුතු යැයි ද එසේ අත එසවුවහොත්  ඔවුන් පිළිබඳව මහජනතාව බලාගත යුතුයි යැයිද සඳහන් කළේය.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ,ගොම්බද්දල දමිත,මොරගල්ලාගම උපරතන හිමිවරු ද ආචාර්ය ගුණදාස අමරසේකර හා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් වුහ.

 

 

01