‘‘හිටපු ජනපති වරදකරු වන්නේ උසාවියකින්“


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූව ද වරදකරුවකු නොවන බවත් වරදකරුවකු වන්නේ අධිකරණයකින් දෙනු ලබන තීන්දුවකින් පමණක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියේය.

‘‘හිටපු ජනාධිපතිවරයකු හෝ වේවා වර්තමාන ඇමතිවරයකු හෝ වේවා යම් වරදකට චෝදනා ලබනවානම් ඒ සියළු දෙනාටම රටේ සාමාන්‍ය පුරවැසියන්ට මෙන් නිර්දෝෂීත්වය පිළිබඳ පූර්ව නිගමනය අදාලයි. පරීක්ෂණ පැවැත්වීම පොලිසියේ රාජකාරියක්. අපි එයට මැදහත් වන්නේ නැහැ. ඒ වගේ ම වසර 10ට පසු ස්වාධීන අධිකරණයක් ස්ථාපති කර තිබෙනවා. මේ නිසා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සියල්ල ස්වාධීනව සිදුවනවා. අධිකරණ තීන්දුවටත් කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ. එතෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. “