ඌව පළාත් සභා මැතිවරණ දිනයේ සවස බදුල්ල, හැලි ඇළ ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ අටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා මේ වන විට පන්නිපිටිය පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබයි.
එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් අතර හාලිඇළදී ඇතිවූ ගැටුම වීඩියෝකර ත්‍රී රෝද රථයකින් තම නිවස බලා යමින් සිටියදී පසුපසින් හඹා ආ මැර පිරිසක් තමාට පහරදී කැමරාව උදුරා ගනිද්දී කෑල්ලක් මැරයන් අතටද කෑල්ලක් තමා අතටද පත්වූ බවත් ඔහු කීවේය. තමාට පහර දුන් පිරිස සන්ධානයේ ඇමතිවරයකුගේ අනුදැනුම මත ක්‍රියාත්මක වූ පිරිසක් බවද ඔහු කියා සිටියේය. රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වන කැමරාව මැරයන් විසින් වනසන ලද බවද කීවේය.
බදුල්ල රෝහලේ සිට ඊයේ (23) රෝගියා තම රෝහලට රැගෙන ආ බවත් ඔහුගේ මුහුණේ අස්ථිවලට හා පටකවලට තදබල හානි සිදුවී ඇති බැවින් ශල්‍යකර්ම කිරීමට නියමිත බවත් වෛද්‍ය සේනතුංග මහත්මිය සඳහන් කළාය. රෝගියාට මරණීය තුවාල සිදුවී ඇති බවත් හෙට (25) දින තවත් සැත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට යොමුකරන බවත් ඇය සඳහන් කළාය.

