(රෝෂන් තුෂාර)
ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙය වූ ලෙජර් බ්ලොක් (Ledger Block) මහා පරිමාණ පිරමීඩාකාර ජාවාරමේ දේශීය නියෝජිත කුරුණෑගල සමන්ත ගුණතිලකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නිකුත් කළාය.
මැලේසියාවේ "ලෙජර් බ්ලොක්" පිරමීඩාකාර සමාගමේ අන්තර්ජාල දත්ත තොරතුරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝගයක් ද නිකුත් කළාය .
දැනට අනාවරණය වී ඇති විමර්ශන තොරතුරු අනුව ශ්‍රී ලාංකීය වැසියන් පන්දහසකට අධික පිරිසකගේ රුපියල් කෝටි ගණනක මුදල් තැන්පතු බාර ගනිමින්,එම මුදල් වලට දිනපතා, තැන්පත්කරුගේ ජීවිතය තිබෙන තෙක් ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා සමාගමේ නියෝජිතයින් විසින් අන්තර්ජාලය හරහා තැන්පතු භාරගෙන ඇති බවය.
ක්‍රිප්ට්‍රො කරන්සි සහ යූඑස්ඩිටි අත්‍යන්ත මුදල් එකක හරහා මෙම ප්‍රතිලාභ ලබා දෙන බවට සඳහන් කර ඇති සැකකාර සමාගම ආයෝජනය කරන මුදල් මුදල්වලටට දිනපතා ඇමරිකානු ඩොලර් 0.7ක ප්‍රතිලාභ ලබාදීමට තැන්පත්කරුවන්ට පොරොන්දු වී ඇත.