" ජනාධිපතිවරයා ජනතාවට හොද තීන්දු තීරණ රැසක් ලබන සතියේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා එම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ ලබන සතිය තීරණාත්මකවේවි යැයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
" ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ පෞද්ගලික අංශය මගින් සිදු කිරීම මම තහනම් කළා. එය කොළඹ ජාතික රෝහලට පමණක් නොවෙයි අනෙකුත් සියළුම රෝහල්වලටත් එය වලංගුයි. කොළඹ ජාතික රෝහලේ පමණක් ගත වූ දින කිහිපය තුළ රුධිර පරීක්ෂණ සිදු කිරීම සියයට 50 කින් වැඩිවී තිඛෙනවා. මෙම තීරණයත් කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කළා. ඒ මොකද ව්‍යාපාරික මාෆියාව නිසා. එම ව්‍යාපාරික මාෆියාවට මම යටත් වෙන්නේ නැහැ.” කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

