‘‘ලංකාවට අත පොවන්න එපා‘‘


ශ්‍රී ලංකාව හැම විටම  බ්‍රිතාන්‍යයේ ස්වෛරී අයිතියට ගරු කරනා බවත්  එසේම බ්‍රිතාන්‍යන්ද  ලංකාවේ  ස්වෛරීත්වයට ගරුකළ යුතු  යැයි  බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස්  නොනිස් මහතා පැවසීය.

බ්‍රිතාන්‍ය ගුවන් විදුලි  සේවය (බීබීසී) සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්  හෙතෙම   මේ බව පවසා තිබේ.එහීදී  අදහස්  දැක්වු  බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා  පෙන්වාදුන්නේ  යුද්ධය අවසන්වීමේ පසු ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ප්‍රගතිය  බ්‍රිතාන්‍ය  ඇතුළු  සෙසු    බලවත් රටවල ඇගයීමට ලක්විය යුතු බවය.

එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය  පිළිදව සෑබෑ අවබෝධයක්  නොලබා ඇතැමුන් විවිධ ප්‍රකාශ සිදු කරන  බවත්  එම ප්‍රකාශ පිළිබඳව සැලකිල්ලක්  නොදක්වන ලෙසද  ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා සිටියේය.

පශ්චාත් ගැටුම් සමයේදී  සංහිඳියාව,පුනරුත්ථාපනය,ඒකාබද්ධතාවහා ප්‍රතිසංස්කරණය මුල් තැන හිමි වන බවද  ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ යුද සමයේ  වු දේ  ගැන අන්තර්ජාතික පරික්ෂණයක් ගැන විමසු විට  මහකොමසාරිස්වරයා කීවේ  අන්තර්ජාතික ක්‍රියාවලිය හා ස්ථාපිත ක්‍රියාවලිය අතර වෙනස  අවබෝධකරගත යුතු බවයි.

ශ්‍රී ලංකාව බ්‍රිතානයේ පරමාධිපත්‍යට  ගරු කරනා අයුරින්  බ්‍රිතාන්‍යද ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යට ගරුකළ යුතු යැයි ඔහු අවධාරණය කළේය.