‘‘රාජ්‍ය බැංකු විසුරුවා හැරීමේ බලය ඇත්තේ තමාටයි‘‘ ඇමැති කිරිඇල්ල


(රංජන් කස්තුරි)

රාජ්‍ය බැංකු අයත්වන්නේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට වන අතර ඒවා විසුරුවා හැරීමේ බලය ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාට යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ජනාධිපතිවරයා තමාගෙන් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය  කරන ලෙස ඉල්ලීමක් කළ බවද එහෙත් තවමත් එම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාත්මක වන බවද කිරිඇල්ල මහතා කීය.

ජනාධිපතිවරයාගේ නිර්දේශ නම් ලබා ගෙන කලබලයකින් තොරව ලබන සතිය තුළ සුදුස්සන් තෝරා ගන්නා බව තමා ජනාධිපතිවරයාට පැවසූ බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය. ‍