‘‘රත්තොට පොලිසියෙන් වැඩක් නෑ”


වසර දෙකකට පෙර තමාට එල්ලවූ මැර ප්‍රහාරයේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට රත්තොට පොලිසිය ක්‍රියා නොකළ බව අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශිය සභාපති සුනිල් විජේතිලක මහතා ප්‍රාදේශිය සභා රැස්වීමේදී අද (26) ප්‍රකාශ කළේය. මාස තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුවූ එම ප්‍රහාරයට සම්බන්ධ අය අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසියට භාර දෙන ලෙස ඔහු ඉල්ලයි.

‘‘පළාතේ ප්‍රධාන පුරවැසියාට සලකන්නේ මෙසේ නම් අන් අය ගැන කවර කතාද. මට අදත් මරණීය තර්ජන තියෙනවා.”