කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ බුදු පිළිම වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් අද (30)සවස විවෘත විය.
මෙම පිළිම වහන්සේගේ වැඩ අවසන් කිරීමට වසර 13ක් ගත විය. පිළිම වහන්සේගේ උස අඩි 67 අඟල් 05කි. ලොව විශාලතම සමාධි පිළිමයක් ලෙස මෙය සැලකේ.
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ එගඩමුල්ලේ අමරමෝහි මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි පිළිම වහන්සේ නිර්මාණය කැරිණි.
ඉන්දියාවේ මුත්තයියා ස්ථපති මෙම පිළිමය නෙළීමේ ප්‍රධාන ශිල්පියා වූ අතර ඇෆ්ඝනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසු ඒ හා සමාන පිළිමයක් නෙළීමේ අදහස අමරමෝලි හිමියන්ට පහළවී ඇත.
ඡායාරූප - සමන් විජය බණ්ඩාර
ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න

















