වසර ගණනාවක සිට දැන හඳුනන අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ හදිසි අභාවය පිළිබඳව අසා දැඩිලෙස ශෝකයට පත් වූ බව විපක්ෂ නායක සහ දෙමළ ජතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා කියයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගුණවර්ධන මහතා විවිධ අමාත්‍ය ධූර හොබවා ඇති බවත්, දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කළ බැවින් ගුණවර්ධන මහතා සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නැගුණු බවත් සම්බන්දන් පවසයි.
එතුමා මෑත කාලයේදී රටේ සිදුවූ දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් අද්විතීය දායකත්වයක් දැක්වූ දේශපාලනඥයකු බව ද, සෑමවිටම ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ බව ද සම්බන්දන් මහතා සඳහන් කරයි.

