‘‘මැදරට අධ්‍යාපනය පල්ලමේ”


මධ්‍යම පළාත් අධ්‍යාපනය කඩා වැටී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාතලේ දොඩම්දෙණිය පාසලේ පැවති උත්සවයකදී පැවසීය. ගුරු ශිෂ්‍ය අනුපාතය 19:1 වශයෙන්ද හොඳම උපකාරක පන්තිද ඇති මහනුවර පසුගිය 5 ශිෂ්‍යත්වයෙන් දිවයිනේම 9 වැනි තැනටද සාමාන්‍ය පෙළ හා උසස්පෙළ 7 වැනි තැනටද පල්ලම් බැස ඇතැයි ඔහු කීවේය. ලංගමය මෙන් අධ්‍යාපනය කඩා බෙදිය නොහැකි බව ඔහු කීවේය.