රජය අපහසුතාවකට පත්වීමට ඉඩ තිබූ අවස්ථාවේ සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ඇමැති තිලක් මාරපන මහතා රටට මනා ආදර්ශයක් දුන් බවත් ඔහු අවංක මිනිසකු බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
‘තිලක් මාරපන මහත්තයා අවංක කෙලින් වැඩ කරන කෙනෙක්. වසර 28ට පසු ලංකාවේ ඉල්ලා අස්වූ එකම ඇමතිවරයා එතුමා. දූෂණ චෝදනා එල්වන වංචාකාරයෝ ඉල්ලා අස්වෙනවා තියා ඉවත්වෙන්න හිතන්නේවත් නැහැ. ඒ අය මේක බදාගෙන ඉන්නවා. නමුත් තිලක් මාරපන මහතා පරීක්ෂණ කටයුතුවලට පහසුවක් වීම සඳහා තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වුණේ පැහැදිලි නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින්. ඒ ආදර්ශය අනිත් අයත් පිළිගත යුතුයි. ඒ අනුව අපි සියලු දෙනා කටයුතු කිරීම අවශ්‍යයි‘

