පාසලේ දී සිදුවීයැයි කියන අපයෝජනයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ජනමාධ්‍යට අදහස් පළ කළැයි වැඩ තහනමට ලක් වූ කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගුරුවරියට වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියෙන් සහ 14.1 වගන්තියෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
එම වගන්ති දෙක මෙසේය.
12. (1) නීතිය පසිඳලීම සහ කියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
14. (1) සෑම පුරවැසියකුට ම -
(අ) භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් වූ කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට සහ එහි ගුරුවරයකු වූ මාලේගොඩට රුපියල් ලක්ෂය බැගින් මෙම ගුරුවරියට වන්දි ගෙවන ලෙස නියෝග කැරිණි.
අගවිනිසුරු කේ ශ්‍රීපවන්, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නඩු තීන්දුව ලබා දුන්හ.
මෙම ගුරුවරියගේ සිද්ධිය ඒ දිනවල ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඇයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරතියි ගුරු සංගම් චෝදනා කළේය.
සබැඳි පුවත්