(සුජිත් හේවාජුලිගේ )
වත්මන් පාලකයන් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මතයට ඇහුම්කන්දී නැතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.
මේ හේතුවෙන් මහනායක ස්වාමීන් වහන්සේලා මීළඟ පියවර ගත යුතු බවද උන්වහන්සේ කීහ.
රටේ ආණ්ඩුවක් නැති බවත් බලහත්කාරයෙන් බලය අල්ලා ගෙන සිටින පාලකයන් උද්ඝෝෂණකරුවන් වෙත භීෂණය පැතිරවීමට උත්සහ ගනිමින් සිටින බවත් ඒ හිමියෝ සඳහන් කළහ.

