යහපාලනය ගේනවා කිව්වාට ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්නා හොරු නිසා යහ පාලනය ගේන්න බැරියැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගාල්ලේ දී කීවේය. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘මේ පක්ෂ දෙකෙන්ම පත්කරලා ඉන්න ඇමතිවරු සියයට 50ක් හොරු. එයාලගේ අල්මාරිවල ඇටකටු තියෙනවා. මේක මේ ප්‍රධාන පක්ෂ දෙකට ම විශාල ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවේ අපිත් කොටස්කාරයෝ. එක්සත් ජාතික පක්ෂය පහුගිය ජනාධිපතිවරණය තනියම කරානම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් වෙන්නේ නැහැ. දෙන්නෙක් තුන්දෙනෙක් හිරේදාලා යහපාලනය ඇතිකරන්න බැහැ. අගමැතිතුමාත් ජනාධිපපත්තුමාත් හොරු නොවන බව අපි දන්නවා. නමුත් ඒ අය යටතේ ඉන්න අය හොරු“

