බෞද්ධ සමාජය තුළත්, අනෙකුත් ආගමික සමාජ තුළත් අපි සෑම දෙනකුටම මත්ද්‍රව්‍ය උවදුරු ඇතුළු සමාජ උවදුරුවලින් අනාගත පරපුර වන දරුවන් හා සමාජයේ කොටස් බේරාගනිමින් යහපත් රටක් බිහිකිරීමේ වගකීම පැවැරී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පැවැසීය.
අධ්‍යාත්මික සමාජයක් යහපත් සමාජයක් ගොඩනැගීමේදී බෞද්ධ දර්ශනයටත් කතෝලික, හින්දු, ඉස්ලාම් ආදී අනෙකුත් ආගමික දර්ශනවලටත් හැකියාව තිබෙන බවද යහපත් සමාජයක් ගොඩනැගීමේ ප්‍රධාන කේන්ද්‍රස්තාන දෙක වනුයේ පන්සල හා පාසල බව ද කීය.
නාවල, නාරාහේන්පිට ධර්මායතනයේ සංඝාවාසය හා දානශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
එහිදි ඔහු මෙසේ ද කීවේය.
“ අද මත්ද්‍රව්‍ය උවදුරු මුළු ලෝක ප්‍රජාවටම බරපතල හා ප්‍රබල අභියෝගයක් බවට පත්වෙලා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු හදනවා ආණ්ඩු පෙරළනවා. යහපත් සමාජයක් ගොඩනැගීම හමුවේ තිබෙන ප්‍රධානතම හා විසම අභියෝගය වනුයේ මත්ද්‍රව්‍ය අභියෝගයයි.
අප අසල්වැසි මාලදිවයිනේ තරුණ පිරිසෙන් සියයට 40ක් මත්කුඩු මත්ද්‍රව්‍ය භාවිත හුරු පුරුදු වෙලා. අද සෑම රටක්ම දරුණු ලෙස මත්ද්‍රව්‍ය අර්බුදයට මුහුණ දී සිටිනවා. නව තාක්ෂණය සමඟ පැමිණෙන වේගවත් සංවර්ධන තුළ බොහෝ අශීලාචාර දේවල් සැඟවිලා තියෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව ඇතිවන ව්‍යාප්තිය එයින් එකක්.
බෞද්ධ සමාජය තුළත්, අනෙකුත් ආගමික සමාජ තුළත් අපි සෑම දෙනකුටම මත්ද්‍රව්‍ය උවදුරු ඇතුළු සමාජ උවදුරුවලින් අනාගත පරපුර වන දරුවන් හා සමාජයේ කොටස් බේරාගනිමින් යහපත් රටක් බිහිකිරීමේ වගකීම පැවැරී තිබෙනවා. ඒ සඳහා විහාරස්ථානය හා පාසල් අපට වැදගත් වෙනවා” යනුවෙනි.







