ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ තරුණ දායකත්වය ගැන ක
තා කළොත් මුලින් කියවෙන නම් අතර කාවිංග පෙරේරාත් ඉන්නවා. තරුණ තරුණියන්ගේ නොමඳ ආකර්ශනය දිනාගත් ඔහු දඟකාර, හැඩකාර කඩවසම් රංගන ශිල්පියෙක්.
අපි අපි වගේ, ආදර රිද්ම, නිල් නෙතු, රුවන් මාළිගා, A/L ඉවරයි, වැහිිලිහිණි, ආදර දෑසක් වැනි නොමඳ පේ‍්‍රක්ෂක ඇගයීමට ලක් වූ ටෙලිනාට්‍ය රැසක කාවිංග පෙරේරා වර්තමානයේ චරිතාංග නළුවෙක් විදියට ක්ෂේත‍්‍රයේ දිගු ගමනක් යන්න සුදානමින් ඉන්න අපුරු චරිතයක්.
මේ දිනවල බොඳ මීදුම් ටෙලිනාට්‍ය හරහා පේ‍්‍රක්ෂක අවධානයට පාත‍්‍රවන කාවිංග සඳැල්ල සමග සහෘද සංවාදයකට එළඹුණා.
ඔබ කලා ලොවට පැමිණි ආකාරය සඳහන් කළොත්?
කලා ලෝකයට ආවෙ සුසිල නිෂ්පාදන ආයතනය මගින් ඉදිරිපත් කරපු අපි අපි වගේ ටෙලිනාට්‍ය හරහා. එයට මුලින්ම ස්තුතිවන්තවෙන්න ඕන රවීන්ද්‍ර විජේරත්න මහත්මයට, තරංග දිසානායක මහත්මයට සහ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියට. ඒ වගේම මගෙ පළමු ගුරුවරයා වුනේ එච්.ඒ. පෙරේරා මහත්මයා. ඉන්පසු මහේන්ද්‍ර පෙරේරා සහ අනුර වීරසිංහ යන ගුරුවරු යටතේ කලාව පිළිබඳ හැදෑරුවා. ඊට අමතරව ලංකාවෙ ප‍්‍රවීණයො එක්ක වැඩමුලූවකට සම්බන්ධ වුණා. එතනින් තමයි මගෙ කලා ලෝකෙ ආරම්භය සිදුවුණේ.
ඔබේ පළමු රංගනය
අපි අපි වගේ ටෙලිනාට්‍යය
ලැබුණු ප‍්‍රතිචාර
ප‍්‍රතිචාර ගොඩක් හොඳයි. නාට්‍යය විකාශය වෙලා සති 2ක් විතර යනකොට මාව ගොඩක් දෙනෙක් හඳුනගන්න පටන් ගත්තා. ඊට කලින් මම නිවේදකයෙක් විදියට කටයුතු කළා. ජනක රාමනායක මහත්මයගෙ මැක්ස් ටෙලිවිෂන් හරහා මීඩියාවලට මුලින්ම අඩිය තියන්නෙ, මුලින්ම නිවේදකයෙක් වෙන්නෙ මැක්ස් ටි.වී හරහා.

මේ දවස්වල රංගනයෙන් දායකවන උතුම් පැතුම් ටෙලිනාට්‍යයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
හොඳ ප‍්‍රතිචාර තියෙනවා. හොඳ සහ නරක දෙපැත්තෙන්ම ප‍්‍රතිචාර ලැබෙනවා. සමහර අය අහනවා ඔයා ඇයි සුදු නංගිට එහෙම කරන්නෙ කියලා. තවත් සමහර අය අහනවා කසාද බඳින්නෙ සුදු නංගිවද වරුණිවද කියලා. ගොඩක් වෙලාවට හොඳට වඩා බැනුම් තමයි අහන්නෙ. මේ නාට්‍යය සඳුන් රාජකරුණා මහත්මයගෙ අධ්‍යක්ෂණයක්. සුජීව ප‍්‍රසන්න ආරච්චිගෙ නවකතාවක් ඇසුරින් තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නෙ.
‘‘උතුම් පැතුම්’’ ටෙලිනාට්‍යයෙ දෙබසක් කියමුද?
සුදු නංගි වරුණි මොන දේ කොහොම කිව්වත් මම ආදරේ කරන්නෙ ඔයාට, මම කවදහරි කසාද බැන්දොත් බඳින්නෙ ඔයාව තමයි.
මේ දවස්වල ගොඩක් ජනප‍්‍රිය වුණු ‘‘උතුම් පැතුම්’’ සහ ‘‘ආදර දෑසක්’’ ටෙලිනාට්‍යවල චරිත දෙකේ වෙනස ඔබ කොහොමද දකින්නෙ?
මම කොහොමටත් මේ ක්ෂේත‍්‍රයට එද්දි ඉගෙන ගත්ත දේ තමයි එකම චරිතයකට කොටු නොවී ඉන්න. ඉතින් මම මෙතෙක් කල් කරපු නාට්‍යය දිහා බලද්දි ඒ අතරින් මම විවිධාකාර චරිත කරලා තියෙනවා. ඒ අතර පෙම්වතාගෙ චරිතෙට අමතරව ගුරුවරයෙක්ගෙ, තාත්තා කෙනෙක්ගෙ, අංග විකල හා මන්ද බුද්ධික චරිත කරලා තියෙනවා.
ආදර දෑසක් හි තාත්තගෙ චරිතෙ කළේ. තාත්තා කෙනෙක්ගෙ චරිතයක් කියද්දි මට දැනුන දේ තමයි මම කොහොමද තාත්තා කෙනෙක් වෙන්නෙ කියන එක. එය තමයි මට නැගුණු පළමු ප‍්‍රශ්නය. මම එහිදී කරපු එකම දේ තමයි ඒ චරිතෙ පිළිබඳ හොයන්න ගත්තා. සමහර වෙලාවට ෂූටින් ගිහින් එන අතරතුර වෙලාවක් තිබුණොත් ළමා උද්‍යානවලට ගිහින් අම්මලා, තාත්තල, තමුන්ගෙ ළමයි කොයි ආකාරයටද නළවන්නෙ? කොයි ආකාරයටද ආදරේ කරන්නෙ? කොහොමද රැුකවරණය දෙන්නෙ කියන හැමදේම ගැන සතියක කාලයක් අධ්‍යයනය කළා. ඒ ආකාරයට තමයි ‘‘ආදර දෑසක්’’ ටෙලි නාට්‍යයේ තාත්තගෙ චරිතෙ නිර්මාණය කරගත්තෙ. ඒ වගේම ‘‘උතුම් පැතුම්’’ හි කැලූම්ගෙ චරිතය නිර්මාණය කරගත්තෙත් සමාජයේ මම දැකපු, විඳපු අත්දැකීම් මගින්.
සැබෑ ජීවිතයේ ඔබ මොනවගේ චරිතයක්ද?
කාවිංග පෙරේරා කියන්නෙ සැබෑ ජීවිතයේ හරි නිහතමානි, ගරු කරන්න ඕන පුද්ගලයන්ට ගරු කරන සංවේදී මනුස්සයෙක්. හැමෝම එක්ක හිනාවෙලා කතා කරන චරිතයක්.
ඔබේ පේ‍්‍රමයට මොකද වුණේ?
පේ‍්‍රමයට මම හිතන්නෙ වෙන්න ඕන දේ වෙන්න ඇති. සමාජයේ ගොඩක් අය ඇඟිල්ල දික් කරනවා මට මම එයාව දාලා ගියා කියලා. ඉතින් මම ඒක භාරගන්නවා. මොකද මට කාටවත් උත්තර දෙන්න යන්න ඕන නෑ. සමාජය මට ඇඟිල්ල දික්කරනව නම් මම වැරදියි කියලා මට තියෙන්නෙ කටවහගෙන ඉන්න එක විතරයි. මම හරියි කියන දේ මට කියන්න අවශ්‍ය නෑ. මගෙ හෘද සාක්ෂිය ඒක දන්නවා. මගෙ අම්මා, නංගි මා වටා හිටපු පිරිස ඒ ගැන දන්නවා සිදුවුණේ මොකද්ද කියන දේ. ඒ ඇරෙන්න මට ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
ආදරේ ගැන මොකද හිතෙන්නෙ?
ආදරේ කියන්නෙ හරි සුන්දර දෙයක්. නමුත් වර්
තමානයේ ගොඩක් වෙලාවට ආදරේ පදනම් වෙලා තියෙන්නෙ සල්ලි මත සහ භෞතික දේවල් මත. ?ට මැසේජ් කිරීම, ඇනවසරි, බර්ත් ඬේ වලට සර්ප‍්‍රයිස් කිරීම් තමයි අද ආදරේ කියන්නෙ. නමුත් ඒක ආදරේ නෙමෙයි. ඒවා තාවකාලික දේවල්. ආදරේ කියන දේ හරියට තේරුම් ගත්තොත් ඒ අකුරු හතර හරි සුන්දරයි කියලා. මම හිතනවා මේ සමාජෙ කොල්ලො කෙල්ලො අඩුවෙන එක වහබීලා නැතිවෙන එක අඩුවෙයි.
ඔබේ නම යොදාගෙන කව්රුන් හෝ Facebook ගිණුම් තුනක් හතරක් පවත්වාගෙන යනව නේද?
ඇත්තටම කියන්න ඕන මට Face book Account එකක් නෑ. නමුත් මෝඩයො සහ වැඩක් නැති පිට කොන්දක් නැති දෙපැත්තටම නැති පිරිමි මගේ නමින් Account හතරකින් විතර චැට් කරනවා. මගෙ නම යොදාගෙන ගෑණු ළමයි එක්ක කතා කරන්න කිසිම වුවමනාවක් නෑ. හොඳ පිරිමියෙක් නම් කොන්ද පණ තියෙනව නම් මම හිතන්නෙ කෙලින්ම තමන්ගෙ රූපෙ යොදාගෙන Facebook Account එකක් හදාගෙන චැට් කරන්න පුලූවන්. මට මේ ගැන කාත් එක්කවත් තරහක් නෑ. ඒත් මම කියන්නෙ මේ වාගෙ වැඩ කරන්න එපා. ඒක කවදහරි දවසක තමන්ට පඩිසන් දෙනවා.
අනික මම ෆේස්බුක් පාවිච්චි කරන්නෙත් නෑ. මම ඒකට හරි බයයි. ප‍්‍රශ්න ගොඩක ආරම්භය තමයි Face book කියන්නෙ.
ඒ ගිණුම් පවත්වගෙන යන අයට මම කියනවා කරුණාකරලා ඒ ගිණුම් ඉවත් කරලා දාන්න. මගෙ විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න ජනප‍්‍රිය පුද්ගලයන්ගෙ කිසිම දෙයක් අවසරයක් නැතිව කරන්න එපා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. කවදාහරි දවසක තමුන්ට ඒ වගේ දෙයක් සිදුවුණොත් තේරෙයි අර මනුස්සයා කොයිතරම් අපහසුතාවයට පත්වුණාද කියලා.
නලූවෙක් ලෙසට ලැබෙන ප‍්‍රතිචාර
රංගන ශිල්පියෙක් ලෙසට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මොකද මම ජීවත්වෙන්නෙ හැමදාම සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට. මම කැමරාව ඉදිරිපිට විතරයි රංගන ශිල්පියෙක් වෙන්නෙ. එතනින් එළියට බැස්සම මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. රංගන ශිල්පියෙක් විදියට මිනිසුන්ගෙ ආදරේ දිනාගන්නට පෙර මම හිටපු විදියක් තිබුණා. මම ජීවත්වෙන්නෙ ඒ විදියට. ඉතින් ඒ නිසා හොඳ ප‍්‍රතිචාර තියෙනවා.
ඉදිරි වැඩ කටයුතු
ටෙලිනාට්‍යය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. එහි පිටපත් මේ දිනවල කියවමින් යනවා. ඊට අමතරව නිවේදන කටයුතු සහ අනෙකුත් වැඩකටයුතු කරගෙන සන්තෝෂෙන් මගෙ අම්මයි, නංගියි එක්ක ජීවත් වෙනවා.

