
(සජීවා කෝට්ටගොඩ සහ අනිල් ගාමිණි විජේරත්න)
දින ගණනාවක් රෝගීව සිට අද උදෑසන මියගිය භාතිය හස්තියාගේ අවසන් කටයුතු මහව මානින්ගමුව පොල්පිතිගම ප්රදේශයේ හස්තියා මිය ගිය ස්ථානයේ දී සිදු කිරීමට කටයුතු කළේය.
එහිදී බෞද්ධාගමික චාරිත්රවලට මුල්තැන දෙමින් හස්තියා වෙනුවෙන් පාංශුකූල කටයුතු සීගිරිය ධම්මලක්හිත හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.



