එජාප මන්ත්‍රී රංගෙ බණ්ඩාරගේ හෝටලයට වෙඩි තැබූ පිරිස අද අලුයම වෑන් රියකින් පැමිණි බව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ. පොලිසිය හා පොලිස් මුරපොළක් ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයිද ටී56 තුවක්කුවකින් හෝටලයේ වීදුරුවලට වෙඩි තබා ඇතැයිද කියති. තබ්බෝව වැව සමීපයේ මේ හෝටලය පිහිටියේය. පෙරදිනයේ රංගෙ බණ්ඩාර හා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ අතර ගැටුමක්ද හට ගත්තේය. රංගෙ බණ්ඩාරගේ උපන් ගමද කරුවලගස්වැව සමීපයේ පිහිටියේය.
වෙඩි තැබීමෙන් හෝටලයේ කිසිවකුටත් තුවාල සිදුවී නැති බව පොලිසිය කියයි.

