‘‘පොලිසිය බොරු නඩු පටලවනවා : වෙඩි තබා මැරූ තරුණයන් ගැන පරීක්ෂණත් නෑ‘‘


පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 සැප්තැම්බරයේ දී උද්ඝෝෂණය කරද්දී වැලිවේරිය ඌරුවල සභාවේ පන්සලට පහර දුන්නේයැයි රතුපස්වල ගම්වැසියන් 23 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව  මාර්තු 24 වැනි දා විභාගයට ගැනීමට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා අද නියෝග කළේය.

වතුර ඉල්ලූ ජනතාවට පොලිසිය බොරු නඩු පටලවා ඇතත් වෙඩි තබා තුන් දෙනකු මරා දැමීම ගැන තවම කිසිත් කර නැතැයි ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ බර්නි අල්විස් මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ දී කීහ.

නඩුව පැවැත්වෙන බව ආරංචි වී වැලිවේරිය රතුපස්වල ගම්වැසියෝ රැසක් සහ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ද අධිකරණයට පැමිණ සිටියහ.

rathupaswala-naduwa-2015-nov-26-01