‘‘පුංචි ඡන්දයට ජාතික ආණ්ඩුව නෑ“


“ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ජාතික ආණ්ඩුවක් හැදුවට පළාත් සභාවටත් ප්‍රාදේශීය සභාවටවත් මේ ජාතික ආණ්ඩුවක් නැහැ. ඒ මැතිවරණයේ දී ජනාධිපතිතුමා අපේ පක්ෂයත් අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයත් මෙහෙයවාවි. “ යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘එහෙම කළා කියා ජාතික ආණ්ඩුව විනාශ වන්නේ නැහැ. මේ රටේ පළාත් පාලන ඇමතිවරු වූ දිවංගත බණ්ඩාරනායක මහතාත් හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාත් පළාත් පාලන ක්ෂේත්‍රයට විශාල සේවයක් කළා. රණසිංහ ප්‍රේමදාස මහත්තයා මේ සභික කියන දේ වෙනස් කරලා මන්ත්‍රී කියලා දැම්මා. ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිසා තමයි අද මමත් මෙතනට ආවේ. ඉතිහාසය අපිට අමතක කරන්න බැහැ. ඒ අය නතර කළ තැන ඉදලා අපි ඉස්සරහට ගෙනියන්න ඕන. ආණ්ඩුව වෙනස්වන විට නගර සභාව වෙනස්වන විට ඔක්කෝම වෙනස්වෙන්න ඉඩ දෙන්න බැහැ. අපේ දේශපාලන ප්‍රතිරූපය ඉෂ්ඨ කරන්න නොවෙයි ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ඨ කරන්න අපි කැපවෙන්න ඕනෑ. “