සුදුසුකම් නොමැති බව කියන පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් පියයුරු කුඩා කිරීමේ සැත්කමක් සිදුකරගෙන බරපතල ජීවිත අවදානමකට ගොදුරුවූ කාන්තාවක එම තත්ත්වයෙන් මුදා ගැනීමට හැකිවුණු බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පැවසීය.
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් සිදුකළ බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයකින් පසු ඇයගේ ජීවිතය බේරාගත් බව වෛද්‍ය දුලිප් පෙරේරා සඳහන් කළේය.
රෝහලට ඇතුළත් කරන විට විෂ බීජ මුළු රුධිර සංසරණ පද්ධතිය පුරා පැතිරී ලේ විසවීමේ (සෙප්ටිසීමියා) බලවත් ජීවිත අවදානමකට පත්ව සිටියාය. එම කතට ප්‍රතිජීවක ඖෂධ දී සැත්කමක් කළ බවත් ඉන්පසු එම පියයුරු බද්ධ කිරීමට තවත් සැත්කමක්ද සිදු කළේය. තව මාසයකින් පමණ තවත් සැත්කමක් සිදුකළ යුතු බවත් ඔහු කීවේය.
ඇයගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් රජයෙන් මෙතෙක් වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ තුනහමාරක් පමණය. තව වසර තුනකින් පමණ ඇයට තවත් සැත්කමක් සිදු කළ යුතුය. මේ සියල්ල නිම වන විට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රජය වැය කළ යුතු මුදල රුපියල් ලක්ෂ අටකට ආසන්න වෙයි.
නේවාසික ප්‍රතිකාර නිමකර වෛද්‍ය උපදෙස් මත ඇය රෝහලින් පිටව ගියත් වෛද්‍ය සායනවලට නියමිත පරිදි සහභාගීවෙමින් ලබාදී ඇති වෛද්‍ය උපදෙස් හරියාකාරව පිළිපැදීම කළ යුතුය.
මෙම කාන්තාවට සැත්කම සිදුකර ඇති වෛද්‍යවරයාට එවන් සැත්කම් සිදුකිරීමට අවසරයක් නොමැති බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සංගමය සිදු කළ පරීක්ෂණයකදී හෙළිදරව් කරගෙන ඇත. එපමණක්ද නොව තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය යාමට අදාල සිද්ධියක නඩුවක්ද මෙම වෛද්‍යවරයාට අධිකරණය හමුවේ පවති.ඊට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මඟින්ද යම් කාරණාවක් මත පරීක්ෂණයක් සිදුකරගෙන යන බවත් එම සංගමය හෙළිදරව් කරගෙන ඇත.
පියයුරු කුඩා කිරීමේ සැත්කම හඳුන්වන්නේ බ්‍රෙස්ට් රිඩක්ෂන් සර්ජරි ලෙසිනි. මෙවන් සැත්කමක් සිදු කිරීමට අංග සම්පූර්ණ ශල්‍යාගාරයක් සහ පළපුරුදු කාර්ය මණ්ඩල අවශ්‍ය වෙයි. සැත්කම සඳහා පැය තුනක පමණ කාලයක් වැයවෙයි. රෝගියා සම්පූර්ණ නිර්වින්දනයට ලක්කළ යුතුය.
කොළඹ ජාතික රෝහලේ මෙම සැත්කම සිදුවෙයි. මෙම සැත්කම එහි සිදු කරන්නේ ඇතැම් කාන්තාවන් පෙළෙන කායික රෝගවලින් මුදවා ගැනීමටය. ලොකු පියයුරු කාන්තාවන්ගේත් බොහෝ දෙනකුට සුව නොවන කොන්දේ ආබාධ, එකම ඉරියව්වකින් ගෙල තබාගැනීමට නොහැකියාව බ්‍රෙසියර් පටි හේතුවෙන් උරහිස් තුවාලවී උරහිස පහළට ඇදීම වැනි තත්ත්ව ඇතිවෙයි. එම නිසා සැත්කමට සුදුසු කාන්තාවන් තීරණය කරනු ලබන්නේ වෛද්‍යවරයාය.
රජයේ ලියාපදිංචි සමහර පෞද්ගලික රෝහල්වල රූපලාවන්‍ය උදෙසා මෙම සැත්කම සිදුකරනු ලැබේ. එහිදී පළපුරුදු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් එය සිදුකළ යුතුය.
විවිධ රූපලාවන්‍ය කටයුතු සිදුකරන ස්ථාන හතු පිපෙන්නාක් මෙන් බිහිවෙයි. පැහැය වෙනස් කිරීමට එනනත් දීම සිරුර ප්‍රාණවත් කරවන බී 12 එන්නත් කිරීම හිසකෙස් වැටීම නතර කිරීමට එන්නත් දීම යනාදී ලෙස විවිධ එන්නත් ලබාදෙන්නේ ප්‍රමිතියකින් තොරවය. සුදුසුකම් නැති වෛද්‍යවරුන්ය. රෝගියාට අසාත්මිකතා ඇතිවුණ විටදී රෝගියා රජයේ රෝහලට පැමිණෙයි. එහිදී රෝගියාගේ දිවි ගලවා ගැනීමට රුපියල් ලක්ෂ ගණන් මුදල් රජයෙන් වැය කරයි. මෙවන් තත්ත්ව හමුවේ අදාළ බලධාරීන් මුනිවත රැකීම ගැටළුවක් බව විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා පෙන්වා දෙයි.
වැරැදුනු සැත්කමට පසු
පියයුරු කුඩා කිරීමට පෙර
පියයුරු කුඩා කළ පසු දිස්වන්නේ මෙසේය (නිදර්ශන ඡායාරූපයක්)
කොළඹ ජාතික රෝහලේ දී සැත්කම කර ජීවිතය බේරා ගත් වෛද්‍ය දුලිප් පෙරේරා





