කිසිදු හේතුවකට පාසල් සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීමට නව රජය ඉඩ නොතබන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අද ගාල්ල මහින්ද විද්‍යාලයේ දී කීවේය. පළමු වසර සඳහා රජයේ පාසල්වලට සිසුන් 340,000ක් අද බඳවා ගැනීම නිමිත්තෙන් ජාතික උත්සවය පැවතියේ මහින්ද විද්‍යාලයේ දී ය. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් විදුහල්පතිවරු මුදල් එකතුකිරීමට කිසිදු ඉඩක් නොතබන බවයි. චක්‍රලේඛවලට අනුව පාසල පවත්වාගෙන යාමට අවශ්‍යම මුදලක් පාසල් සංවර්ධන සමිතිය මගින් සොයා ගැනීම දැනට අනුමත කරණ බව ද හෙතෙම කීවේය. පසුගිය වසර 20ක පමණ කාලයක් මුදල් අයකරමින් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අවිචාරවත් ලෙස ළමුන් ඇතුලත් කිරීම ගැන වහාම සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමතිවරයා කීවේය.



