(ආරියරත්න රණබාහු)
යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැමි කරුණුවලට එකඟවිය නොහැකි යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවැසීය.
එම පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු බවට ආණ්ඩුවේ සියලු දෙනා පොදු මතයක සිටන බව ද හෙතෙම කීවේය.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ බව පැවැසු අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙම පනත් කෙටුම්පතේ මට එකඟ වන්න බරි සමහර දේවල් තිබෙනවා. එකක් තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයකුට රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම සඳහා ඇති බලය එය ඇමැතිවරයා යටතේ නැත්නම් අවම වශයෙන් ආරක්ෂක ලේකම් ළඟන් නවතින්න ඕනෑ. මේ සඳහා පුළුල් අර්ථකතනයක් දීම ඉතාම භයානකයි.
මේක හැමෝටම පොදුවේ කතා කරන්න පුළුවන් පිළිගතහැකි සාමාන්‍ය නීතියක් ලෙස යොදා ගැනීම නොවෙයි කළ යුතු්තේ. ත්‍රස්තවාදි අවස්ථාවක පමණක් නීතියක් ලෙස ගැනිමයි.ඒ මතයේ ඇපි හැමෝම සිටිනවා යැයි ද ඇමැතිවරයා පැවැසීය.

