‘‘නිළියන් නොවන අයටත් නිළියන් කියන කාලයක් මේක’’



‘වංචාකාරයෝ, දූෂකයෝ කොච්චර හිටියත් මේ රට මගේ රට. මගේ රටට මම ආදරෙයි. රට හැර යන්න ඇත්තටම අදහසක් මට නැහැ. හැබැයි ඒත් ටික කාලයකට මම විදෙස්ගත වෙනවා. කාලයක් මම හිටියේ ජපානයේ. මේ කලකිරීම ටිකක් තුනී කරගන්න සමහර විට මම කාලයක් විදෙස්ගතව සිටීවි.’
රංගන ශිල්පිනී රොහානී වීරසිංහ ඒ විදියට කියන්නේ ඇයි? මේ කලකිරීමට හේතුව මොකක්ද? රොහානි එක්ක අපි ටිකක් කතා කරමු.

SAN_7771

 

 


button මේ දිනවල කටයුතු මොන වගේද?
පසුගිය කාලයේ මෙගා ටෙලි දෙක තුනකට සම්බන්ධ වුණා. අවුරුද්දට පෙර ඒවායේ රූගත කිරීම් නිම කළා. තවත් නාට්‍යයක රඟපෑමට ගිවිසගෙන සිටිනවා. නමුත් තවත් බොහෝ චරිත බාර නොගෙන සිටින්න සිදුවුණා.

 

 

 
button හේතුව?
දැන් තියෙන රැල්ලත් එක්ක අපේ ගාණට එන්නේ නැතිකොට චරිත අතාරින්න සිද්ධ වෙනවා.

 


buttonඒ කියන්නේ අඩු ගණන්වලට ද කතා කරන්නේ?


ඔව්, සමහර වෙලාවට අපි ඉල්ලන ගාණට වඩා අඩු මුදලක් තමයි කියන්නේ.

 

SAN_7742
button ඇයි එහෙම වෙන්නේ?


මෙගා නාට්‍ය තියෙන නිසා ඒ මෙගා සංස්කෘතියත් එක්ක වෙනම පරිසරයක් නිර්මාණය වෙලා. ඒවා පස්සෙම යන්න සමහර අය පුරුදු වෙලා. මේ නිසා නළු නිළියන්ට ඒකෙන් හානියක් වෙනවා.

 


button ඒ කියන්නේ ප‍්‍රතිපත්තියක් නොමැතිකම නිසා අඩු මුදලට රඟපානවා කියන එකද?


ඒක හැමෝම කරන්නේ නැහැ. ප‍්‍රතිපත්ති රකින අය බොහෝමයි. නමුත් මෙගා රැුල්ල එක්ක නිෂ්පාදකවරු සමඟ සටන් කරන්න කාටවත් බැහැ. ටික දෙනෙක් කොහොම හරි ඒ ප‍්‍රතිපත්ති දිනාගෙන මෙගාවල රැඳී සිටිනවා.

 


button ඔබ කියන්නේ අඩු ගණනකට නොයන අය බොහෝමයි කියලද?


ඇත්තෙන්ම ඔව්, අඩු ගණනකට රඟපාන්න යන්නෙ නැහැ. නමුත් අලූතින් එන බොහෝ දෙනාට ඒ ප‍්‍රතිපත්ති රකින්න බැහැ. දැන් රඟපෑමට  ඕනෑතරම් අය සිිටිනවනෙ.

 


button ඒක වුවමනාවෙන් කරන දෙයක්ද?


සමහර වෙලාවට ගොඩක් නාට්‍ය ප‍්‍රමාණයකට පෙනී සිටීම, ඉක්මණට ප‍්‍රසිද්ධිය ලබා ගැනීම, ඒ වගේ දේ නිසා එහෙම කෙරෙනව ද දන්නේ නැහැ. මම ඒ අයට දොස් කියනවා නෙවෙයි. නමුත් තමුන්ගේ නිළි ගරුත්වය රැක ගන්න  ඕනෑ. අවතක්සේරුවට භාජනය වුණාම මේ ක්‍ෂේත‍්‍රයේ හෑල්ලූ වෙනවා. මම ප‍්‍රතිපත්ති රැක්ක නිසා මේ ළඟදී ටෙලි දෙකකම චරිත නැතුව ගියා.

 


button මේ දේවල් නිසාද කලකිරීමෙන් සිටින්නේ?


මම රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි. ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක්. අපි ටෙලිනාට්‍යයක් කළාම එය විකුණා ගැනීමේ දී ක්ෂේත‍්‍රයේම සිටින සමහර අය නිසා වංචාවලට සූරා කෑමට ලක්වෙනවා. අනුමත වූ ටෙලිනාට්‍ය දෙකක් තියෙනවා. ඒවා විකාශය කරවා ගන්න ආසයි. ටෙලිනාට්‍ය නිෂ්පාදනයට ගිය ගණනට වඩා තැරැුව්කරුවන්ට දෙන්න වුණා. සමහර අය වගේ මාත් ඒ තැරැුව්කරුවන්ට අහුවුණා.

 

button ඒ නිසාද දැන් රට හැර යන්න හදන්නේ?


මගේ රටට මම පුදුම ආදරෙයි. ඒත් මට හරි කලකිරීමක් තියෙන්නේ. ඒත් මේ සිත් තැවුල් නිසා මම ආදරය කරන ජපානය වගේ රටකට යන්න තීරණය කළා. ඇත්තටම වෙලාවකට හිතෙන්නේ මේ මොනවත් නැතුව එදා ජපානයට වෙලා හිටියා වගේ දිගටම හිටියා නම් හොඳයි. මම ලොකු මෝඩකමක් කළේ කියලා වෙලාවකට හිතෙනවා.

 


button  දැන් සූදානම එහේ පදිංචියට යන්නද?


නැහැ, මගේ අම්මා සහ සහෝදරයෝ ඉන්නෙ ලංකාවේ. ඉතින් ඒ අය දාලා යන්න මට බැහැ. ඒ හැරත් ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාර සියල්ල මට  ලැබුණේ කලාව නිසා. ඒ ඔක්කොම අත්හැරලා යන්න සූදානම් නැහැ.

 


button මේ දිනවල ඔබට අවුරුදු කුමාරි කියලා කියන්නේ ඇයි?


මට නම් එහෙම කියන්නේ නැහැ. හැබැයි මම අවුරුදු කුමාරි තෝරන්න අවුරුදු උත්සවවලට යනවා. ඉතින් ඒවායේ දී සාධාරණ විනිශ්චයක් ලබාදෙන්න මට පුළුවන් දේ කළා.

 


button සිංදුත් කියනවා නේද?


කෙහොමටත් කාලයක සිට මම එළිමහන් වේදිකාවේ ප‍්‍රසංගවලට සහභාගී වෙනවා. එහිදී ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. දැන් මගේම ගීත කීපයක් කිරීමේ අදහසකුත් තියෙනවා. ඇත්තටම රඟ නොපා ගායිකාවක් වුණා නම් මීට වඩා නිර්මාණශීලී දෙයක් කරන්න තිබුණා. මොකද අද නිළියන් නොවන අයටත් නිළියන් කියන කාලයක් මේක.

 

sadun-gamage