‘‘නිලධාරින් රට ගල් අඟුරුවලට තල්ලු කරනවා“


පුනර්ජනනී බලශක්ති ප්‍ර‍වර්ධනය කිරීම රජයේ ප්‍ර‍තිපත්තිය වුවත් තෙල් සමාගම්වලට දරදිය ඇද්ද ඇතැම් නිලධාරීන් ගල් අඟුරු වෙතට ම රට ඇදගෙන යාමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කීහ.

රතන හිමියන් මේ බව කීවේ පාර්ලිමේන්තුවේ දී අද පැවති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනයේ තිබුණේ පුනර්ජනනීය බලශක්තිය ප්‍ර‍වර්ධනය කරන බව. ජනතාව බලය දුන්නේ ඒ ප්‍ර‍තිපත්තිවලට බව මේ නිලධාරීන් දැනගත යුතුයි. මුහුදු රළ, සුළං බලය හා හිරු එළිය යොදාගෙන මේ රටට අවශ්‍ය බලශක්තිය උත්පාදනය කළ හැකියි. විදුලියෙන් ධාවනය වන මෝටර් රථවල බදු ඉහළ නැංවීම හොඳ තීරණයක් නොවෙයි.