භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පරික්ෂා කර එම් ආර් අයි ස්කෑන් පරික්ෂණයක් පවත්වා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට කල් දෙන්නැයි කොළඹ අධිකරණ වෙද්‍ය නිලධරයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සදුන් විතානගේ මහතාගෙන් ඉල්ලා සිටියේය.
දුමින්ද සිල්වා උසාවියට කැදවනවාද නෙඑසේනම් ඔහු නැතිව නඩුව විභාග කරනවාද යන්න පිළිබඳ තීරණය අධිකරණ වෙද්‍ය නිලධරයාගේ වාර්තාව ලැබුණු පසු ප්‍රකාශ කරන බව මහෙස්ත්‍රාත්වරයා පැවසීය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිල සෙනෙවිරත්න සිහි පත් කළේ උසාවිය පෙර දිනයේ දුමින්ද සිල්වාගේ වාර්තාවක් කැදවිමට නියෝග කළ බවයි.
අධිකරණ වෛද්‍ය නිලධරයාගේ වාර්තාව ලැබී ඇත්දැයි ඔහු විමසිය.
දුමින්ද සිල්වා නොමැතිව නඩුව විභාග කරන ලෙසත් ඊට දුමින්ද සිල්වා තමාට අනුමැතිය දී ඇති බවත් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරීය මහතා කීවේය
දුමින්ද සිල්වාගේ ජීවීතයට රජයෙන් හා ඔහුගේ සතුරන්ගෙන් කරදර ඇතැයි ඔහු කිවේය. ඔහුගේ තුවාල වලට විස විෂ බීජ ඇතළු කිරිමෙන් ඔහු ජිවිතයට හානි කළ හැකියැයි ඔහු උසාවි ගෙන ඒමෙන් ඔහුගේ තත්වය නරක අතට හැරිමට ඉඩ ඇතැයි ද ඔහු කීවේය.
රහස් පොලීසිය අතිරේක සාක්කි ලැයිස්තුවක් ද ඉදිරිපත් කළේය. වැඩිදුර විභාගය මැයි අට වැනිදාට කල් තැබිය.