
(විමුක්ති එස් රුද්‍රිගු)
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශය සහ ශ්‍රී ලංකාව හරහා දැනට හමා යන ‘‘දිට්වා‘‘ සුළි කුණාටුව උතුරු සහ වයඹ දෙසට ගමන් කරන බවත් සුළි කුණාටුව 30 අලුයම වනවිට තමිල්නාඩුව සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (27) සිට (30) දක්වා තමිල්නාඩුවට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.
දිත්වා සුළි කුණාටුව ළඟාවීමත් සමග සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60ත් 80ත් දක්වා ඉහළ යා හැකි බවත් ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 90 දක්වා ඉහළ යා හැකි බවත් ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
ඉන්දියාවේ දිස්ත්‍රික්ක 6 ක් සඳහා රතු නිවේදන නිකුත් කර තිබූ අතර තවත් දිස්ත්‍රික්ක 5 කට කහ නිවේදන සහ තවත් දිස්ත්‍රික්ක කීපයක්ට තැඹිලි නිවේදන නිකුත් කර තිබිණි.

