“දැන් රටේ තියෙන්නේ නොනගත කාලයක්. ආණ්ඩුවක් පිහිටවපු ගමන් සියල්ල ලැබෙන්නේ නැහැ. එකපාරට කර්මාන්ත ශාලා එන්නේ නැහැ. ආයෝජකයෝ ඇවිත් කර්මාන්ත ශාලා පටන්ගන්න තුරු රස්සා ලැබෙන්නේ නැහැ. තවමත් අය වැය ඉවර නැහැ. මේ නොනගතය වගේ කාලයේ දී ඉවසගන්න බැරි අය විවේචනය කරනවා. ඕවාට කලබල වෙලා බැහැ.“ යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා
ඇල්පිටියේ ඇල්ල විදුලි ව්‍යාපෘතියක් විවෘත කරමින් ඇමතිවරයා මේ බව කීය. ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කිවේය.
වෙනදා විපක්ෂය කරන්නේ පරිප්පු ගැන භූමිතෙල් ගැන කතා කිරීම අද මේවා ගැන කතා කරන්නේ නැහැ. අපි රජය බලයට පත්වූ හැටියේ ම අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකළා. පසුගිය රජය රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500.00 ක් වැඩි කරනවා කියා බලයට ආවේ 2005 දී නමුත් එය කළේ නැහැ. අපි බලයට ඇවිත් දින 100 දී රුපියල් 10,000ක් වැටුපට එකතු කළා.
නෝනයි මහත්තයයි දෙන්නම රජයේ සේවයන් නම් පවුලකට අමතර රුපියල් 20,000ක් ලැබෙනවා. අපි තෙල් මිල අඩු කළා. දැන් විපක්ෂයේ ඉන්න අයට මේවා ඉක්මනට ම අමතක වෙලා. මේ තමයි රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා ජාතික රජයක් ලෙස ඉදිරිපත් කළ පළමු අයවැය.
අද කොළ කොඩියක් යට ඉදගෙන විදුලි විවෘත කරන උත්සවයක බය නැතුව කතා කරන්න පුළුවන්. 1977 අපේ රජය බලයට පත්වන තුරු මේ විදුලිය කියන එක ගමට හීනයක් වෙලා තිබුණේ. විදුලිය නිසා සමාජයේ විශාල පරිවර්ථනයක් ඇතිවුණා. එදා රන්දෙණිගල, වික්ටෝරියා, කොත්මලේ වැනි මහවැලි ව්‍යාපාර කළේ ගිනි පොළියට ණය අරගෙන නොවෙයි. එදා අපේ රජය ණය ගත්තේ පොළිය දශම ගණනට. නමුත් පසුගිය රජය කාලේ ණය ගත්තේ ගිනි පොළියට. මේ නිසා රට ණය බරින් මිරිකිලා. එදා අපේ රජය ගත්තු ණය ජනතාවට දැණුනේ නැහැ. නමුත් දැන් ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පසුගිය කාලයේ අධික පොළියට ගත්තු ණය.


