‘‘දරුවා ගැන කට වහගෙන ඉන්නවා‘‘


ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුතකු විසින් පැහැරගත්තා යැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීමක් හෝ කිසිදු විරෝධයක් නොදක්වන බවට එම දැරියගේ මව් පියෝ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ ප්‍රතිඥා දුන්හ.

ගාමිණී රණසිංහ හා ඉන්දිරා රණසිංහ යුවළ තම දියණිය ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ දී එම යුවළ මෙලෙස ප්‍රතිඥා දුන්හ. එම දරුවා රාජිත සේනාරත්න මහතාගේ නිවසේ බලෙන් රඳවාගෙන සිටින්නේ දැයි පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහාධිකරණය මහේස්ත්‍රාත්වරයාට නියෝග කැර තිබිණි.