‘‘දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය හරියට කරන්න‘‘


ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධනය වෙනුවට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමේ ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රනිල් වික්‍රමසිංහ අගමැතිට යෝජනා කරයි.

ඒ අනුව යෝජිත සංශෝධනය ඉවත් කර මූලික අයිතිවාසිකම් හා ජාත්‍යන්තර මානව හිමිකම්වලට අනුකූල වන සේ සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ වැදගත්කම මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය අවධාරණය කරයි.

කිසිම පුද්ගලයකු එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩත්වය, ආගමික ද්වේශය ඇතිවන අයුරින් උසිගැන්වීම් හෝ ජාතික හෝ ජාතිවාදී  ක්‍රියා  අනුගමනය කිරීම හෝ යුද්ධය ප්‍රවර්ධනය නොකළ යුතුය.

 මෙම ඡේදය ඇතුළු කිරීමෙන් නිදහසේ භාෂණය පිළිබඳ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව පිළිගත් මානව හිමිකම් වලට ගරු කැරෙන අතර සාක්කි ඇති අවස්ථාවල දී පමණක් චෝදනා ගොනු කළ හැකි බව ද කොමිසම පෙන්වා දෙයි.