(අංජුල මහික වීරරත්න)
“මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණියා ”යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද එක්ස් සටහනක් තබමින් පවසයි.
“අද, මගේ පියා කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගොස් සියල්ල ආරම්භ වූ ස්ථානය වන තංගල්ලට නැවත පැමිණියේය. සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු වරප්‍රසාද වලින් හෝ මුදල් වලින් නොව ජනතාවගේ ආදරයෙන් බව මතක් කරන්නට කැමතියි" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා තැබූ "එක්ස්" සටහනේ සඳහන් වේ.