
(ඉන්දිකා රාමනායක)
මොන තර්ජනය එල්ල වුවද තමන් මත්කුඩු සහ පාතාල මර්දන කටයුතු ඒ අයුරින්ම සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
තමන් මෙම තනතුර බාරගත්තේ මත්කුඩු හා පාතාල මර්දනය වෙනුවෙන් බවත්, තර්ජන එල්ල වුවද, මර්දන සදහා ගත් කිසිදු අඩියක් පස්සට නොතබා ඉදිරියත් මේ අයුරින්ම කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මත්ද්‍රව්‍ය සහ සංවිධානත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුම් ඉදිරියේ මීටත් වඩා තදින් ක්‍රියාත්මක කරන බවත්, මොන ක්‍රමයකින් හෝ මත්කුඩු හා පාතාල මර්දන මෙහෙයුම් සිදුකර මේවා මෙරටින් තුරන් කරන ලෙසට ජනාධිපතිවරයා ද උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා කීය.
බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත් වු මෙහෙයුම් ඉතා සාර්ථක බවත් මෙම මෙහෙයුම් ඉදිරියේ තවත් සාර්ථකව කිරීම සදහා පොලිසිය සමග එක්වී අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙසට ජනාතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් හා පාතාලයෙන් තමාට ජීවිත තරජ්නයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ වාර්තාවක් ලැබී ඇතැයි ද ඔහු කියා සිටියේය.

