‘‘ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් බාල්දු වෙලා‘‘


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

මුලු  ලෝකය පුරාම ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ අගමැතිවරයා මෙසේද කීය.

    ‘‘ලෝකයේම ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් සියල්ල බාල්දු වෙලා ඉන්දියාව වගේම ලංකාවටත් ඒක බලපා තිබෙනවා. මේ නිසා හැම රටක්ම ප්‍රශ්න තිබෙනවා.

විපක්ෂයට අවශ්‍ය නම් මේ ගැන විවාදයක් තියන්න පුළුවන්.ඒ වගේම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි බලන්න අවශ්‍යයි.

තෙල් අලෙවි කරද්දී  ගන්න ලාභය දිහා බලන්න.අපි කලින්ම කිව්වා ලෝක වෙළඳ පොළේ තෙල් මිල  වැඩි වුවහොත් අවාසිය ගන්න වෙයි.අඩු වුනොත් වාසිය දෙනවා කියලා මෙතෙක් කල් ඒ වාසිය දුන්නා ‘‘යැයිද අගමැතිවරයා කීය.