(නිමල කොඩිතුවක්කු)
රටට බත සපයන ගොවියා වලපල්ලට ඇද වැටෙද්දි ආණ්ඩුව වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරමින් කංසා වගාවට අතහිත දීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දේපල කණකර උගස් කර ගොවිතැන් කළත් වගාවට නිසි මිලක් නොලැබ ගොවිජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකකට එක්වෙමිණි.
රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන විට ප්‍රේමදාස සුද්දියන්ට රට ඇදුම් මහනවා කියා රජයේ එවක නායකයෝ කිව්වත් අද විදේශීය ආයෝජකයන් 7 දෙනකුට කංසා වගා කරන්න අවසර දී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.
එදා නිෂ්පාදන කර්මාන්තයක් ලෙස ඇගලුම් කර්මාන්තය දියුණු කළත් අද වන විට ගංජා වගාවට අක්කර 64ක් ව්‍යාපෘති 7ක් යටතේ වෙන්කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.