‘‘කෝටි 4100 රක්ෂණය නවතන්න හදනවා‘‘


(රංජන් කස්තුරි)

බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රසිද්ධ රක්ෂණ සමාගමකින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත රුපියල් කෝටි 4100ක සහන මුදල වැළැක්වීමට මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් පිරිසක් උත්සහ දරන බවට ශ්‍රී ලංකා සුළු සහ මාධ්‍යපරිමාණ සංචාරක ව්‍යවසාය සංගම චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යපරිමාන සංචාරක ව්‍යවසායකයන්ගේ අභිවෘද්ධිය සඳහා බ්‍රිතාන්‍ය සමාගම දෙමුහුන්  සහන මුදලක් ලෙස මෙය ලබාදීමට නියමිත අතර ජනාධිපති කාර්යාලය මැදිහත් වී එය ලබාගත හොත් රටේ සංචාරක කර්මාන්තයට ඉන් ප්‍රතිලාභ රැසක් හිමිවන බව ද ශ්‍රී ලංකා සුළු සහ මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසාය සංගමයේ සභාපති බෙනට් ජයරත්න මහතා පැවැසීය.

කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාවසායකයන් රවට්ටවා ඉන් ව්‍යාපාර වාසි ලබාගැනීමට මහා පරිමාණ සංචාරක ව්‍යවසායකයන් එම සහන මුදල ලංකාවට ලැබීම වළකන බව ද ජයරත්න මහතා කීය.