‘‘කවුරු දිනුවත් අගමැති පත්කරන්නේ ජනපති‘‘


ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ගැන කිිසිදු තිරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තවමත් මැතිවරණයක් පැවැත්වීමට දින නියමකැර නොමැති බැවින් ඒ ගැන පසුව තීරණය කළ හැකි බවයි. මැතිවරණයට නාම යෝජනා ලබාදීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් නාමයෝජනා මණ්ඩලයක් පත්කරණ බවත් ඉන් පසු ඡන්දයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරණ අය ඒ සඳහා ඉල්ලුම් කැර පැමිණිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. පක්ෂයේ කවර තරාතිරමක අයකු වුවත් නාම යෝජනා මණ්ඩලයේ අනුමැතිය ගෙන ඡන්දය ඉල්ලිය යුතුයැයි ද ඔහු කීවේය. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඉදිරි අගමැතිවරයා ගැන අනාවැකි කීමට නොහැකි බව විපක්ෂ නායකවරයා කීවේය.