ප්‍රවීණ සංගීතවේදියකු ගීත රචකයකු, තනු නිර්මාණ කරුවකු වන සුනිල් දයානන්ද කෝනාර මහතා (64) අභ්‍රාවප්‍රාප්ත විය.
දේහය දඹදෙණිය මුතුගල නිවසේ තැන්පත් කර තිබේ.
කරණාරත්න දිවුල්ගනේ ගයන ‘නිල් දියවර‘ සුනිල් එදිරිසිංහ ගයන මහ වැස්සක් බිමට හෙළා‘ නන්දා මාලිනි ගයන ‘වහින්නට හැකි නම්‘ වැනි ජනප්‍රිය ගී ගණනාවක සංගීත තනු නිර්මාණ ශිල්පියා වන්නේ සුනිල් කෝනාරය.
ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ සංගීත ගුරුවරයා වු කෝනාර මහතා දෙවරක්ම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.
දේහය පිළිබඳ අවමඟුල සෙනසුරාදා 10 වැනිදා සවස 4ට දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.