උතුරු වැසියන් ඇතුළු ශ්‍රි ලංකාවට රජයෙන් දුන් හොදම තෑග්ග නිදහසේ ජීවත් වීමට ඉඩ කඩ සලකා දීම බවත් යුද්ධයෙන් පසු ඇරඹූ උතුරු වසන්තයෙන් යාපනය තව තවත් දියුණු කරන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යාපන රෝහලේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරමින් පැවසීය.
ශල්‍යාගාර දහයකින් සමන්විත නව ගොඩනැගිල්ල ජපාන අන්තර්ජාතික සහයෝගීතා එජසින්සියේ තෑග්ගකි. වියදම රුපියල් කෝටි දෙසිය හයකි.
නළලේ තිලක තබා සළු පළදවා හින්දු සිරිතට පොල්තෙල් පහනින් ද සෙත්පතා ජනපති හරසරින් පිළිගනු ලැබීය. ඥානවෛව දෙවොලේදී විශේෂ පුජාවකටද ජනපති සහභාගී විය
දෙමළ ජාතික සංවිධානයේ අප්පදොරේ විනයාගමූර්තී මන්ත්‍රීවරයාද උත්සවයට සහභාගී විය.‘‘උතුරට කිසිම වෙනසක් කරන්නේ නැහැ උතුරේ වැසියන් කිසිදාක අමතක කරන්නේද නෑ හම්බන්තොට රෝහලට මුල්ගල් තියන්නෙත් දැන් ඊට කලින් උතුරට අංගසම්පුර්ණ රෝහලක් දුන්නා‘‘