(ගයාන් සූරියආරච්චි)
‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය.
2013 වර්ෂයේ සිදුවූ බව කියන එයාර් බස් ගනුදෙනුවක් සදහා ප්‍රකාශයක් ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් එ මහතා මේ බව පැවසීය.
නිවාඩු දිනයක් වූ අද (26) තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට වඩා උසාවි දිනවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහන්සි වීම අගය කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.