උතුරේ සිදුකරන ලද අපරාධ සම්බන්ධ ‘ආවා‘ කල්ලියේ සාමාජිකයින් යැයි කියමින් අත්අඩංගුවට ගත් සැකරුවන් ඔවුන් අත්අඩංගුවට ගත් ප‍්‍රදේශයන්ගෙන් පිට පළාත්වල පිහිටි අධිකරණවලට ඉදිරිපත් කිරීම අධිකරණය අපහාසයට ලක්කරන ක‍්‍රියාවක් බව යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා කියයි.
පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් ආවා කල්ලියේ යැයි කියමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ අධිකරණයට ඉදිරිපත් නොකරමින් කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීම මෙරට නීතියටත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියටත් සිවිල් නීතියටත් පටහැනි ක‍්‍රියාවක් බවද ඔහු කීය.
2002 වසරේදී පැවති දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක රැුළියකට පැන පහරදී එම සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා මේ බව සදහන් කළේය.