අවශ්‍ය වුවහොත් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරණ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැල්ල තවදුරටත් පාලනය කරගැනීමට හා අපරාධකරුවන්ගෙන් ජනතාව බේරාගැනීම සඳහා මෙවැනි තීරණයක් ගැනීමට නොපැකිලෙන බව ද ඔහු කියා සිටියේය. එල්ලුම්ගසට නියම වූ වරදකරුවන් දහසකට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව සිටින බව ද දැනගන්නට ඇත.

