(අංජුල මහික වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සමඟ සන්ධාන ගතවූ නව දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායන රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (28) පැවැසීය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියා කිරීම එම දේශපාලන සන්ධානයේ මූලික අරමුණ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම පුළුල් සංවිධානය වටා ඇති එකම බලය ජනතා බලය බව කී රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදය සම්පූර්ණයෙන් පරාජය කර කුමන්ත්‍රණකාරී අර්බුදය සම්පූර්ණයෙන් පරාජය කර කුමන්ත්‍රණ කාරී දේශපාලනයෙන් තොර යහපත් රටක් නිර්මාණය කිරීම එම පුළුල් දේශපාලන සන්ධානයේ අරමුණ බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයන් සමඟ පැවැති රැස්වීමේදී වික්‍රමසිංහ මහතා මේ බව කීය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

