‘මහින්ද රාජපක්ෂ රජයත් සේවක අර්ථසාධක අරමුදලට අත තියා ගෙදර යන්න වුණා. මේ රජයත් ඒ වැඩේ කළොත් මෛත්‍රීටයි රනිල්ටයි කොට්ට පැදුරු අකුලාගෙන ගෙදර යන්න වෙනවාමයි.‘ යි අන්තර් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹ කොටුවේ අත්පත්‍රිකා බෙදමින් පැවසීය.
සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එක් කර විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් සකසන බව රජය කියා ඇතත් කම්කරු අයිතිය කප්පාදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ නොදෙන බව ද ඔහු කීවේය.



