‘‘අයවැය බැම්ම කැඩූ වැවක් වගෙයි‘‘


මුදල් අමාත්‍යවරයාගේ  අයවැය  අලංකාර  ලෙස පෙනුණත් එයින් අත්වන ඉදිරි ප්‍රතිඵලය අති බිහිසුණු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

වැව් බැම්ම කඩා දැමූ ආකාරයේ අයවැයක් වන මෙයින් මුලදී ආණ්ඩුවට මුදල් ටිකක් ලැබුණත් එයින් දේශීය ව්‍යාපාරිකයින්ට හා නිෂ්පාදකයින්ට මරු පහරක් එල්ල වී ඇති නිසා ටික කලක් යනවිට රටේ ආර්ථීකයේ සියල්ල කුණු වී යනු ඇතැයි ද මන්ත්‍රීවරයා සදහන් කළේය.

පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනයත්, ඊට පෙර පැවති එක්සත් ජාතික පඬ රජයනුත් වෙන් වෙන්ව ක්‍රියාත්මක කළ බංකොලොත් ආර්ථීක ක්‍රමවේදය දැන් ඔවුන් එක්ව ක්‍රියාත්මක කිරීමට යන බව පෙනෙන්නේ යැයි ද විජිත හේරත් මහතා කීවේය.

Jvp_201511234