2016 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ නම් ලයිස්තුව ප්‍රදර්ශනය කළ යුතු යැයි අධ්‍යාපන අමාතයංශය දී ඇති නියෝගය හරි හැටි ක්‍රියාත්මක කළ නොහැකි බව විදුහල්පතිවරු පැමිණිලි කරන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
හිටි හැටියේ ළමුන් ඇතුලත් කර ගන්නා ප්‍රමාණය 35 සිට 40 දක්වා වැඩි කිරීම ඊට ප්‍රධාන හේතුවයි. මෙය පාසල ආසන්නයේ පදිංචි කරුවන්ට අසාධාරණයක් බවද විදුහල්පතිවරු පවසයි.

